එක්දින ලෝක කුසලානයේ පාකිස්ථාන – එංගලන්ත තරගයටත් දවසේ බාධාවක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ පාකිස්ථානය අතර තරගය පැවැත්වෙන දිනය වෙනත් දිනයකට ගෙන යන ලෙස බෙංගාල ක්‍රිකට් සංගමය ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එළඹෙන නොවැම්බර් 12 වනදා කොල්කටා හී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේදීයි මෙම තරගය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඒ, අනුව 12 වනදා පැවැත්වෙන තරගය 11 වනදා පවත්වන ලෙසට ඔවුන් ඉල්ලා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මෙම තරගය 12 වනදා පැවැත්වුවහොත් ඒ සඳහා ආරක්ෂාව සැපයීම අපහසු බව කොල්කටා පොලීසිය බෙංගාල ක්‍රිකට් සංගමයට දැනුම්දී තිබෙනවා.

ප්‍රධාන හින්දු උත්සවයක් එදිනට යෙදී තිබීම මීට හේතු වී ඇති බවයි කොල්කටා පොලීසිය සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් පවතින පසුබිමකයි තරගය පැවැත්වෙන දිනය සංශෝධනය කරන ලෙසට බෙංගාල ක්‍රිකට් සංගමය ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

මේ අතර ඔක්තෝබර් මස 15 වනදා අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද ඔක්තෝබර් මස 14 වනදා පැවැත්වීමට මීට පෙර තීරණය කළා.

ඒ, හින්දු උත්සවයක් වන, නව රාත්‍රී උත්සවය ඔක්තෝබර් මස 15 වනදාට යෙදී තිබීම හේතුවෙන්.

මෙලෙස දින වකවානු වෙනස්කරමින් පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග කාලසටහන සංශෝධනය කළ ද, මෙවර ලෝක කුසලාන තරගාවලියට තම සහභාගීත්වය පිළිබඳව පාකිස්ථානය තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 05 වනදා ඉන්දියාවේ දී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58