AFC Banner
AFC Banner
Empty Ad

එක්දින ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිත එක්දින ලික කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව මූලික සංචිතයක් නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා නවක පා දඟ පන්දු යවන්නෙක් වන තන්වීර් සංගා එක්කර ඇති අතර, ජාත්‍යනතර තරග අත්දැකීම් අඩු තුන් ඉරියව් ක්‍රීඩක ආරොන් හාඩි ද ඇතුළත්.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි පැට් කමින්ස්ට හිමිව ඇති අතර, මෙම සංචිතයෙන් ටෙස්ට් ක්‍රීඩක මාර්නස් ලැබුස්චේන් ඉවත්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව මේ වනවිට නම්කර ඇති ඕස්ට්‍රේලියානු මූලික ලෝක කුසලාන සංචිතය වන්නේ,

පැට් කමින්ස් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් ඒගාර්, ඇලෙක්ස් කේරි, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ආරොන් හාඩි, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, තන්වීර් සංගා, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?