AFC Banner
AFC Banner
Empty Ad

එක්දින පන්දු යවන්නන්ගේ මුලසුන මහීෂ්ට

එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි මුලසුන ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඒ පසුගියදා එක්දින තරගාවලි ජයග්‍රහණය වූ ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගාවලිය ජය ගැනීමට මහීෂ් පන්දු යැවීමෙන් දැක්වූ දක්ෂතාව මතයි.

ප්‍රසාද ලකුණු 680ක් ලබාගෙන ඇති මහීෂ් තීක්ෂණ එතෙක් මුලසුන ගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ව පසුකර ගොස් තිබෙනවා.

ICC නවතම ශ්‍රේණිගත කිරීම් ඊයේ (18) දිනයේ දී නිකුත් කර ඇති අතර ඒ අනුවයි මෙම ස්ථානය හිමිව ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රෙලියාවට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු හසරංග ද ස්ථාන දෙකකින් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 19 වැනි ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?