AFC Banner
Empty Ad
Empty Ad

එක්දරු පියෙකුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 11.07ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු කරනු ලැබු 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (28) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; පැමිණිල්ල විසින් එල්ල කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් මෙම දඬුවම නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළ බවයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එම විත්තිකරු 2016 නොවැම්බර් මස 08 වන දින මැගසින් බන්ධනාගාරයේ පිටිපස ප්‍රදේශයේ මාර්ගය අසල දි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

තම සේවාදායකයාට එක් මසක් වයසැති බිළිඳෙකු සිටින පියෙකු වන බැවින් ඔහුට ලිහිල් සිර දඬුවම් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?