එකම පවුලේ සිව්දෙනාගේම සිරුරු සොයා ගැනේ

පවතින අයහපත් කාලගුණයත් සමග මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු එම නිවසේ ජීවත් වූ අඹු සැමි යුවල සහ දරුවන් දෙදෙනාගේ සිරුරු එලෙස සොයා ගැණුනි.

පස් කන්දට යටවී සිටි අවුරුදු 23ක් වූ දියණියගේ සිරුර පළමුවෙන් සොයා ගැණුනු අතර පසුව අනෙක් තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණි.

එලෙස සොයා ගැණුනේ 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුතාවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?