එකට කා බී මිතුරාව ඝාතනය කරලා – තවත් අයෙක් තුවාල වී රෝහලේ

කඹුරුපිටිය පොලිස් වසමේ මාහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (12) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 42ක කරපුටුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු, තුවාලකරු සහ මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

තුවාලකරු කඹුරුපිටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?