ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට දෙපිළම එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය දෙපිළටම තීරණාත්මක වනවා.
මේ අතර අවසන් එක්දින තරගය පෙර අද (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මාධ්‍ය හමුවකට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සහභාගී වුණා.
මෙහිදී අදහස් දක්වමින් නායක චරිත් අසලංක සඳහන් කළේ හෙට තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීමේ දී කණ්ඩායමෙන් ඉවත්වන ක්‍රීඩකයා පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී ශ්‍රී ලංකා නායකයාගෙන විමසා සිටියා.
එහිදී ඔහු පැවසුවේ කණ්ඩායමෙන් ඉවත් කරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චරිත් අසලංක සදහන් කළේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ පසු තේරීම් කමිටුව සමඟ සාකච්ඡාකර 2027 එක්දින ලෝක කුසලානය සදහා සැලසුමක් ලෙස ක්‍රීඩකයින් අත්හදාබැලීමට කටයුතු කරන බවයි.













