ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛය අංශ මඟින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා සමගාමීව සේවා ස්ථානවලට මහජනතාව පැමිණීම සීමා කිරීම වෙනුවෙන් ඌව පළාත තුළ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. එම් මුසම්මිල් මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2021 ජූනි මස 17 දින සිට 2021 ජූලි මස 16 දින දක්වා වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවීම තව මසක කාලයක් දීර්ඝ කර තිබෙනවා.

ඌව පළාත් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ්නේ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ) කාර්යාලය ඇතුළුව ඌව පළාතේ සියලුම ප්‍රාදේශිය කාර්යාලවලින් වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම හෝ ඒ ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොකරනු බවයි

තවද ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය සඳහා දඩ අය කිරීම සිදු නොකරන බවත් අන්තර්ජාලය මඟින් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් පෙර පරිදිම තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?