උ.පෙළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට දී තිබූ කාලය දිගු කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාලය ඊයේ (19) අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම කාලය දෙසැම්බර් 22 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ, අයදුම්කරුවන්ට onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු සංශෝධනන් සිදුකළ හැකි බවයි.

එහිදී මුද්‍රිත පිටපතක් ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන බව සඳහන් කළ විභාග කොමසාරිස්වරයා විභාග ශාලාවට එය රැගෙන යා හැකි බව ද සඳහන් කළා.

“ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද, විෂයන් නිවැරදි ද, මාධ්‍ය නිවැරදි ද, උපන්දිනය සියලු තොරතුරු නිවැරදි ද, කියන එක පරීක්ෂා කරන්න. අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය සංශෝධනයට දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අපි දීර්ඝ කළා.”

මේ අතර සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?