උ.පෙළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට දී තිබූ කාලය දිගු කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාලය ඊයේ (19) අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම කාලය දෙසැම්බර් 22 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ, අයදුම්කරුවන්ට onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු සංශෝධනන් සිදුකළ හැකි බවයි.

එහිදී මුද්‍රිත පිටපතක් ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන බව සඳහන් කළ විභාග කොමසාරිස්වරයා විභාග ශාලාවට එය රැගෙන යා හැකි බව ද සඳහන් කළා.

“ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද, විෂයන් නිවැරදි ද, මාධ්‍ය නිවැරදි ද, උපන්දිනය සියලු තොරතුරු නිවැරදි ද, කියන එක පරීක්ෂා කරන්න. අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය සංශෝධනයට දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අපි දීර්ඝ කළා.”

මේ අතර සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46