උසාවියට ඇඳුම සුදුසු නැතැයි කී කොස්තාපල්ට අඹුසැම් යුවළ ගුටිදීලා

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් ඊයේ (07) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි අඹුසැම් යුවළක්.

මෙම යුවළ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණ ඇති අතර, එහිදී සැකකරු අධිකරණයට උචිත නොවන ඇඳුමකින් සැරසී ඇති බවයි හෙළිව ඇත්තේ.

එම අවස්ථාවේ දී අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිටි කොස්තාපල්වරයෙක් ඒ බව අදාළ සැකකරුට දැනුම් දී ඇති අතර, එහිදී සැකකාර යුවළ කොස්තාපල්වරයාට පහර දී තිබෙනවා.

පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ ඇපමත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
31
+1
2
+1
5
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?