උසස් පෙළ විභාගයට එරෙහි පෙත්සම ගැන අධිකරණය දුන් තීරණය

පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිත උසස්පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඊට අදාළ තීන්දුව ලබා දුන් අතර, විනිසුරුවරයා එහිදී සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා ආරම්භ කිරීමට නියමිතයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවයි.

විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බවයි ඔහු මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි 7 වනදා සිට මාර්තු මස 5 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 345242ක්. ඉන් 279141ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66101ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10