AFC Banner
AFC Banner
Empty Ad

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ලීක් කළ පුද්ගලයා අත්අඩංගුවට

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උපකාර පංති පවත්වන රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවයි වාර්තා වුණේ.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව පසුගිය ජනවාරි 10 වනදා පැවති කෘෂි විද්‍යාව 02 ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය දා තීරණය කළේ එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණයවීම හේතුවෙන්.

පසුව ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?