උසස් පෙළ කල් දැමිය නොහැකියි – අධිකරණය දැනුම්දෙයි

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

අදාළ විභාගය කල් දැමිය නොහැකි බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට තරම් පදනමක් නොමැති බවට කරුණු අනාවරණය වන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාරයට උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවහොත් සෙසු විභාග ද කල් යාමේ අනතුරක් මතුවන බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කළ නොහැකි බවත් ඔවුන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නීතිඥවරියක් අධිකරණය ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

කණිෂ්ක සඳරුවන් ඇතුළු උසස් පෙළ විභාග අපේක්ෂකයින් තුන්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ උසස් පෙළ විභාගයේ නිර්ණායකයන්ට අනුව දින 495 ක අධ්‍යයන කාලසීමාවක් හිමිවන බවයි.

එහෙත් රටේ ඇති වූ විදුලි අර්අබුදය ඇතුළු විවිධ අයහපත් හේතු නිසා මෙවර එම අධ්‍යයන කාල සීමාව දින 300කට පමණ සීමා වී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ හේතුවෙන් සියලු විෂය නිර්දේශ කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවහොත් තමන්ට දැඩි අගතියක් සිදු විය හැකි බවයි කියා සිටින්නේ.

ඒ අනුව අදාළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ,විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?