උසස්පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන නම් නොකිරීමට හේතු

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව ත් ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත් පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ත් විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය.

“උසස්පෙළ විභාගයේ දිවයිනේ දක්ෂත ම සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනු ලැබූවේ  විශේෂඥ මනෝ උපදේශන සභාවක නිර්දේශ අනුව 2019 වසරේ දී ගනු ලැබූ තීරණයකට අනුව බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසුවේ විභාග සාධන පරීක්ෂණ ලෙස පමණක් සලකනු ලබන විභාග විනා පළමුවැන්නන්, දෙවැන්නන් තෝරන විභාගයක් නොවන බවයි.

දිස්ත්‍රික් සහ සමස්ත ලංකා තරාව තෝරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු සඳහා බව ත් දැනට ඇති වී තිබෙන දැඩි තරඟකාරීත්වය විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන දරුවන්ට සේ ම නොලබන දරුවන්ට ද එක සේ බලපාන මානසික පීඩනයක් නිසා එම තීරණයට පැමිණ ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාසල් විවෘත කිරීමෙන් අනතුරු ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් මාර්ගයෙන් මෙන් ම පෞද්ගලික අයදුම්කරුවන්ට ද මාර්ගගත ක්‍රමවේදයන් අනුව අයදුම් කිරීමට පහසුකම් සලසා දෙන බව ත් ඒ පිළිබඳ ඉදිරියේ දී පුවත්පත් දැන්වීම් මඟින් දැනුම් දීමට කටයුතු කරන බව ද අවධාරණය කළේය.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09