Empty Ad
AFC Banner
Empty Ad

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැන අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන ජනවාරි මස 27 වැනිදා දක්වා තවදුරටත් දිර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරු පැවසුවේ; අදාළ පත් කිරීම් අභියෝගයට ලක් කරමින් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිනීෂා මුසම්මිල් නමැත්තිය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (21) කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කළ බවයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් හමුවේ කැඳවුණා.

පෙත්සම්කාරිය සඳහන් කරන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ඉකුත් ජූනි 14 වැනිදා වතු පාසල් සඳහා උප ගුරුවරු බඳවා ගැනීමේ සඳහා තරඟ විභාගයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා පෙනී සිටීමට සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බවත්, සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

තමන් වෘත්තියෙන් ස්වේච්ඡා ගුරුවරියක් වන අතර ඊට අයදුම් කළ බවත්, ලංකා ගුරු සේවයේ බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව ද, පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් චෝදනා කරනවා.

ඊට අමතරව බඳවා ගනු ලබන ගුරුවරුන් කුමන පාසල්වලට අනුයුක්ත කරන්නේ දැයි අදාළ ගැසට් නිවේදනයේ පැහැදිලිව දක්වා නොමැති බව ද පෙත්සම්කාරිය සඳහන් කරනවා.

මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වාදෙන පෙත්සම්කාරිය ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?