උපුල්දෙණිය ජුනි 25 තෙක් හිරගෙට

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ජුනි මස 25 වැනි දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (11) පස්වරුවේ වැඩ තහනමට ලක් ව සිටින බන්ධනාගාර කොමසාරිස්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එම සැකකරුව ඕනෑම ඇප කොන්දේසියක් යටතේ නිදහස් කරන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණ විනිසුරුවරිය සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

එලෙස කූඨ ලෙස අනීතිකව නිදහස් කළේ යැයි කියන අතුල තිලකරත්න නමැති සිරකරුවා මේ වනවිට රටින් පලා ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ දැනුම්දුන්නා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත්, වසර ගණනක් තිස්සේ සිදු කෙරුණු වංචාවක් දින කිහිපයක් ඇතුළත් සිදු කර අවසන් කළ නොහැකි බව පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, ලංකාවේ අපරාධකරුවන් ඉතාමත් සූක්ෂ්ම බැවින් මෙම විමර්ශන අවසන් කිරීමට අවම සති දෙකක කාලයක් ගත වනු ඇති බවටත් පෙන්වා දුන්නා.

ඊළඟ නඩු වාරයේ දී මෙකී විමර්ශන ගැන අධිකරණය පවා විස්මයට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බව වගකීමෙන් සඳහන් කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ජුනි මස 09 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර උපුල්දෙණිය අත්අඩංගුවට ගෙන ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවටත් පමුණුවන ලෙසට ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27