උපවාසයක් හේතුවෙන් යාපනය උණුසුම් වෙයි

යාපනය මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයකු සහ උපවාසකරුවන් පිරිසක් අතර ඊයේ යාපනය නල්ලූර්හිදී ගැටුමක් ඇතිවුනා. යාපනය නල්ලූර් ප්‍රදේශයේ යාපනය මහ නගර සභාවට අයත් ඉඩමක එල්. ටී. ටී. ඊ. සහ උතුරේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කණඩායම් හමුවේ පීඩාවට ලක්වූ පිරිසක් ඊයේ උදැසන උපවාසයක් ආරම්භ කළා. කෙසේ වෙතත් යාපනය නගර සභා බලධාරීන් චෝදනා කරන්නේ අදාල විරෝධතා කරුවන් පිරිස මෙම ඉඩම තුල මෙලෙස වේදිකාවක් තැනීමට නිසි අවසරයක් ගෙන නොමැති බවයි.

පොලිසියේ හෝ නගර සභාවේ  අවසරයක් නොමැතිව වේදිකාවක් සැකසීම සම්බන්දයෙන් යාපනයේ නගරාධිපතිවරයා සිය විරෝධතාව නාගරික මන්ත්‍රී වරයකු හරහා ඉදිරිපත් කල මොහොතේ එතැන උණුසුම් තත්ත්වයක් මතු වුනා. මෙහිදී විරෝධතාකරුවන් රැදී සිටි වේදිකාව මත ජාතික ධජය බිම දමා තිබු අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරනවා. පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ දෙපාර්ශ්වයම සමතයකට පත් කළ අතර අධිකරණ නියෝගයක් ලබාගෙන ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස නගර සභා බලධාරීන්ට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?