උපවාසයක් හේතුවෙන් යාපනය උණුසුම් වෙයි

යාපනය මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයකු සහ උපවාසකරුවන් පිරිසක් අතර ඊයේ යාපනය නල්ලූර්හිදී ගැටුමක් ඇතිවුනා. යාපනය නල්ලූර් ප්‍රදේශයේ යාපනය මහ නගර සභාවට අයත් ඉඩමක එල්. ටී. ටී. ඊ. සහ උතුරේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කණඩායම් හමුවේ පීඩාවට ලක්වූ පිරිසක් ඊයේ උදැසන උපවාසයක් ආරම්භ කළා. කෙසේ වෙතත් යාපනය නගර සභා බලධාරීන් චෝදනා කරන්නේ අදාල විරෝධතා කරුවන් පිරිස මෙම ඉඩම තුල මෙලෙස වේදිකාවක් තැනීමට නිසි අවසරයක් ගෙන නොමැති බවයි.

පොලිසියේ හෝ නගර සභාවේ  අවසරයක් නොමැතිව වේදිකාවක් සැකසීම සම්බන්දයෙන් යාපනයේ නගරාධිපතිවරයා සිය විරෝධතාව නාගරික මන්ත්‍රී වරයකු හරහා ඉදිරිපත් කල මොහොතේ එතැන උණුසුම් තත්ත්වයක් මතු වුනා. මෙහිදී විරෝධතාකරුවන් රැදී සිටි වේදිකාව මත ජාතික ධජය බිම දමා තිබු අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරනවා. පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ දෙපාර්ශ්වයම සමතයකට පත් කළ අතර අධිකරණ නියෝගයක් ලබාගෙන ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස නගර සභා බලධාරීන්ට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?