උපරිම සිල්ලර මිල ඉක්මවා හාල්, සීනි විකුණනවා නම් වහාම දැනුම් දෙන්න

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරන අවස්ථාවල දී බිල්පත සමඟ පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දීමක් කරනවා.

එම අධිකාරියේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර, වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මධ්‍ය හමුවක් පවත්වමින් මෙම දැනුවත් කිරීම සිදුකළා.

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති අවස්ථාවේ උපරිම මිල ඉක්මවා සීනි සහ සහල් අලෙවිකරන පුද්ගලයින් අධිකරණය හමුවට පමුණුවා දඩුවම් නියමකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යත්තේ හැකියව ඇති බවයි
ඔවුන් ඔවුන් සඳහන් කළේ.

එහිදී තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා අවම දඩය රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහක් දක්වා උපරිම මුදලක් දඩ ලෙස නියම කිරීමට අධිකරණයට හැකියාව පවතිනවා.

සමාගමක් නම් එම ආයතනයට අවමය රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 50ක් දක්වා උපරිම දඩ මුදලක් පැනවීමට හැකියව තිබෙනවා.

මීට අමතරව මාස 06ක සිරදඬුවම් ලබාදීමත්, සිරදඬුවම් සහ දඩ මුදල අයකර ගැනීම යන දෙකම ක්‍රියාත්මක කිරීමටත් අධිකරණයට බලය පැවරී ඇති බව ඔවුන් ප්‍රකාශ කළේ.

මේ වන විට වැඩි මිලට සීනි අලෙවි කළ 350 කට අධික පිරිසකට නඩු පවරා ඇති අතර, මෙම මාස 10 තුළ සමස්ත දිවයින පුරාම වැටලීම් 22,000ක් සිදුකර තිබෙනවා.

එයින් 19,000කට නඩු පවරා ඇති අතර, දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 220ක මුදලක් රජයට හිමිකර දීමට හැකිව තිබෙනවා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යැයි නම් සඳහන් කරමින් පැමිණෙන ව්‍යාජ දුරකථන ඇමතුම්වලින් ප්‍රවේශම්වන ලෙස ද ඔවුන් මෙහිදී දැනුම් දුන්නා.

මේ වනවිට වෙළඳපොලේ කීරි සම්බා කිලෝ එකක් රුපියල් 260ක උපරිම සිල්ලර මිලකටත්, සම්බා සහල් කිලෝ එකක් රුපියල් 230ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු වනවා.

ඊට අමතරව සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275ක මිල එකටත් සුරුම් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් 295 කටත් අලෙවි කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26