logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

උද්ධමනය ඉහළ යෑමක්

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මතුපිට උද්ධමනය 2024 ජුනි මාසයේ ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2024 මැයි මාසයේ 0.9%ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසයේ දී 1.7%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර මෙම වසරේ ජුනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇති අතර, එය මැයි මාසයේ දී වාර්තා වුයේ 0.0 %ක් ලෙසටයි.

එමෙන්ම, 2024 වසරේ ජුනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.8%ක් දක්වා වැඩි වී ඇති අතර, එය මෙම වසරේ මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?