AFC Banner
Empty Ad
Empty Ad

උද්ඝෝෂණයක් ගෙනගිය වතු කම්කරුවන් පිරිසකට පහරදීමක්(ඡායාරූප)

බගවන්තලාව කැම්පියන් ප්‍රදේශයේ දී වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ ගෙනගිය උද්ඝෝෂණයක් අතරතුර පහර දීමක් සිදුව තිබෙනවා.

ඔවුන් මෙම විරෝධතාව ගෙන ගියේ ප්‍රදේශයට ප්‍රාථමික පාසලක් ලබාදෙන ලෙසට බලධාරීන්ට බල කරමින්.

විරෝධතාව අතර තුර එම ස්ථානයට පැමිණි තවත් කණ්ඩායමක් උද්ඝෝෂණය කල පිරිසට පහර දුන් බව ඔවුන් පැවසුවා.

කැම්පියන් දමිල මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරිමත් සමග එම පාසලේ ප්‍රාථමික අංශය ඉවත් කල බවත්, ඒ හේතුවෙන් තම ළමුන් කිලෝමිටර් 5 පමණ දුරින් පිහිටි ප්‍රාථමික පාසැලකට ඇතුලත් කිරිමට සිදු වි ඇති බවත් උද්ඝෝෂණය කල වතු කම්කරුවන් පැවසුවා.

කැම්පියන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන ප්‍රාථමික අංශයේ ළමුන්ට පාසලක් පවත්වාගෙන යාමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්ද තම වතුයායේ තිබෙන බව පවසන එම කම්කරුවන් ප්‍රධාන වෘත්තිය සමිතියක සමාජිකයන් පිරිසක් මෙම උද්ඝෝෂණය දේශපාලන අරමුණක් ඉටු කර ගැනිම සදහා පවත්වන එකක් බව පවසමින් තමන්ට පහරදුන් බවට චෝදනා කළා.

පහර දීමට සම්බන්ද දෙදෙනෙකු පොලිසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

01 10 1
01 9 1
01 5 1
01 6 1
01 7 1
01 3 1
01 1 1
01 4 1
01 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?