උද්ඝෝෂණයක් ගෙනගිය වතු කම්කරුවන් පිරිසකට පහරදීමක්(ඡායාරූප)

බගවන්තලාව කැම්පියන් ප්‍රදේශයේ දී වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ ගෙනගිය උද්ඝෝෂණයක් අතරතුර පහර දීමක් සිදුව තිබෙනවා.

ඔවුන් මෙම විරෝධතාව ගෙන ගියේ ප්‍රදේශයට ප්‍රාථමික පාසලක් ලබාදෙන ලෙසට බලධාරීන්ට බල කරමින්.

විරෝධතාව අතර තුර එම ස්ථානයට පැමිණි තවත් කණ්ඩායමක් උද්ඝෝෂණය කල පිරිසට පහර දුන් බව ඔවුන් පැවසුවා.

කැම්පියන් දමිල මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරිමත් සමග එම පාසලේ ප්‍රාථමික අංශය ඉවත් කල බවත්, ඒ හේතුවෙන් තම ළමුන් කිලෝමිටර් 5 පමණ දුරින් පිහිටි ප්‍රාථමික පාසැලකට ඇතුලත් කිරිමට සිදු වි ඇති බවත් උද්ඝෝෂණය කල වතු කම්කරුවන් පැවසුවා.

කැම්පියන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන ප්‍රාථමික අංශයේ ළමුන්ට පාසලක් පවත්වාගෙන යාමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්ද තම වතුයායේ තිබෙන බව පවසන එම කම්කරුවන් ප්‍රධාන වෘත්තිය සමිතියක සමාජිකයන් පිරිසක් මෙම උද්ඝෝෂණය දේශපාලන අරමුණක් ඉටු කර ගැනිම සදහා පවත්වන එකක් බව පවසමින් තමන්ට පහරදුන් බවට චෝදනා කළා.

පහර දීමට සම්බන්ද දෙදෙනෙකු පොලිසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

01 10 1
01 9 1
01 5 1
01 6 1
01 7 1
01 3 1
01 1 1
01 4 1
01 2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48