උතුර, නැගෙනහිර සහ වයඹට නව ආණ්ඩුකාරවරු දිවුරුම්දීම අද ?

පළාත් තුනක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද (17) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වලට නව ආණ්ඩුකාරවරුන් මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් යන අය මෙම ආණ්ඩුකාර ධුර සඳහා යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් පසුගිය 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ (16) නිවේදනය කළා.

ඒ, අනුවයි පුරපාඩුවන එම පළාත් තුනේ ආණ්ඩුකාර තනතුරු සඳහා නව පුද්ගලයින් පත් කිරීමට නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
11
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?