මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වයේදී තමා ඉරානය වෙනුවෙන් පෙනී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
ඇමරිකානු හිතවාදී අරාබි රටවල් බහුතරයක ඡන්ද පදනමක් වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නොමැති බවට පෙන්වා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ, ට්‍රම්ප් විසින් ඉරානය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට යනවා නම් උතුරු කොරියාව තුළද ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරවීමට ට්‍රම්ප් උත්සහ ගත යුතු බවයි.
”ඇමෙරිකාවේ ප්‍රජාතන්තවාදී ක්‍රමය නෙවෙයි නේ තියෙන්නේ, උතුරු කොරියාවේ. උතුරු කොරියාවට ප්‍රජාතන්තවාදය දෙන්න යන්න පුළුවන් නේ ට්‍රම්ප් මහත්තයට. එතුමාට ඉරානෙටම ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න හිතුණේ ඇයි කියලා තාම හරි උත්තරයක් දීලා නැහැ. අපිට ආරංචිය නම් උතුරු කොරියානු නායකයා ඉතා අසාවෙන් ඉන්නවා ඇමෙරිකානු ජනාධිපතිතුමා උතුරු කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න එනකන්. ඉතින් ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න කියලා ට්‍රම්ප් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල පවසනවා.



