වසර ගණනක නිහඬතාවයකින් පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්යොංයැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා.
එරට අගනුවරවන ප්යොංයැං හිදී පැවති මෙම මැරතන් තරගය සඳහා විදේශීය ධාවකයන් 200ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.
1981 දී ආරම්භ කළ මෙම මැරතන් තරගය, උතුරු කොරියා නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පැවැත් වුණා.
මෙම මැරතන් තරගය අවසන් වරට 2019 වසරේ පවත්වා තිබූ අතර, එහිදී විදේශික තරගකරුවන් 950 ක් සහභාගී වී සිටියා.
කොවිඩ් වසංගතය සමඟ මෙම මැරතන් තරගය පැවැත්වීම නවතා දැමුණු අතර, වසර හයකට පසු ඊයේ (06) දිනයේ මෙම තරගය යළිත් පවත්වා තිබුණා.
කෙසේ වෙතත් ඊයේ පැවති මෙම තරගයේ, තරඟ ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක් නිකුත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.