උතුරු කොරියානු ජාත්‍යන්තර මැරතන් තරගය සය වසරකට පසු යළිත්

වසර ගණනක නිහඬතාවයකින් පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්යොංයැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා.

එරට අගනුවරවන ප්යොංයැං හිදී පැවති මෙම මැරතන් තරගය සඳහා විදේශීය ධාවකයන් 200ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

1981 දී ආරම්භ කළ මෙම මැරතන් තරගය, උතුරු කොරියා නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පැවැත් වුණා.

මෙම මැරතන් තරගය අවසන් වරට 2019 වසරේ පවත්වා තිබූ අතර, එහිදී විදේශික තරගකරුවන් 950 ක් සහභාගී වී සිටියා.

කොවිඩ් වසංගතය සමඟ මෙම මැරතන් තරගය පැවැත්වීම නවතා දැමුණු අතර, වසර හයකට පසු ඊයේ (06) දිනයේ මෙම තරගය යළිත් පවත්වා තිබුණා.

කෙසේ වෙතත් ඊයේ පැවති මෙම තරගයේ, තරඟ ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක් නිකුත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48