උතුම් පොසොන් පුර පසළොස්වක පෝය අදයි – ‘දසත බෝපත’ මෙවර අලව්ව මෙත්මුණි මහා සෑයට

මෙරට සම්බුදු දහමින් ඒකාලෝකමත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (21) යෙදී තිබෙනවා.

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොසොන් පොහොය දිනක සිදුවූ අතර, මිහිදු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමඟ මෙරට බුදු දහම ස්ථාපිත වුණා.

එමෙන්ම දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

මිහින්තලා පව්වේදී භණ්ඩුක උපාසකවරයා පැවිදිකොට මහණ උපසම්පදාව සිදුකිරීම පොසොන් පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක්.

පොසොන් මංගල්‍ය වෙනුවෙන් මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සියලු වෙහෙර විහාරවල විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.

මෙවරත් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින්.

මේ අතර ‘දසත’ මාධ්‍ය ජාලය සංවිධානය කරන, ‘දසත බෝපත’ පොහෝ දා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ අලව්ව මෙත්මුණි මහා සෑය කේන්ද්‍ර කරගනිමින්.

ඒ, අනුව අද දිනය පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් ද එහිදී සිදු කිරීමට නියමිත අතර, දසත ෆේස්බුක් පිටුවෙන් සහ යූටියුබ් නාළිකාව ඔස්සේ ඔබට ඒ හා සජීවීව සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25