උත්සව සමයේ මුදල් නෝට්ටු ගැන අවදානයෙන් සිටින්න – පොලිසිය

එළඹෙන උත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

මුදල් නෝට්ටුවක් පිළිබඳව යම් සැකයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024 සහ 2025 වර්ෂයන්වල දී වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇත්තේ රුපියල් පන්දහසේ නෝට්ටුව බවයි.

මේ අතර 2024 වසර තුළ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, 2025 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 535ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, අනුව එළඹෙන උත්සව සාමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව වැඩි අවදානයකින් පසුවන ලෙසයි වෙළඳුන් සහ පාරිභෝගිකයින්ට පොලිසිය දැනුම් දෙන්නේ.

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම, මුද්‍රණය කිරීම, මුද්‍රණය සඳහා උපකරණ සන්තකයේ තබා ගැනීමේ වරද සඳහා බරපතළ වැඩ සහිත වසර 20ක සිරඬුවම් පැනවිය හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?