උත්සව සමයේ මුදල් නෝට්ටු ගැන අවදානයෙන් සිටින්න – පොලිසිය

එළඹෙන උත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

මුදල් නෝට්ටුවක් පිළිබඳව යම් සැකයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024 සහ 2025 වර්ෂයන්වල දී වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇත්තේ රුපියල් පන්දහසේ නෝට්ටුව බවයි.

මේ අතර 2024 වසර තුළ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, 2025 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 535ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, අනුව එළඹෙන උත්සව සාමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව වැඩි අවදානයකින් පසුවන ලෙසයි වෙළඳුන් සහ පාරිභෝගිකයින්ට පොලිසිය දැනුම් දෙන්නේ.

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම, මුද්‍රණය කිරීම, මුද්‍රණය සඳහා උපකරණ සන්තකයේ තබා ගැනීමේ වරද සඳහා බරපතළ වැඩ සහිත වසර 20ක සිරඬුවම් පැනවිය හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24