උතුරු මුහුදේ ඉන්දීය ධීවර අක්‍රමණයක්

උතුරු මුහුදට ඇතුලු වන  ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය වහාම නැවත්විය යුතු බවටත් ඉන්දීය ධීවරයින් සිදුකල හානිවලට වින්දි ගෙවිය යුතු බවටත් පවසමින් යාපනයේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

කරෙයිනගර් ධීවර සමූපාකාර සමිතිය මිගන් මෙම විරෝධථාව සංවිධානය කොට තිබූ අතර කරෙයිනගර් සමූපාකාර සමිතිය ඉදිරිපිටින් විරෝධතා පෙලපාලිය ආරම්භ වී කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන්කරනු ලැබීය.

විරෝධතාවේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ.

මේ වන විට ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් උතුරු මුහුදට ඇතුලු වන බවටත් ඉන් ඉතාම සුළු පිරිසක් පමණක් නාවික හමුදා අත්අඩංගුවට පත්වන අතරම විශාල පිරිසක් උතුරු මුහුදේ ධීවරයින්ට අයත් මුහුදු කලාපයේ මසුන් අල්ලන අතරම උතුරේ ධීවරයන්ගේ රුපියල් කෝටි ගණනක් වටිනා දැල් ආම්පන්නද විනාශ කොට ඇති බවටත්ය.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් කඩිනමින් නිදහස් නොකරන ලෙසටත් අත්අඩංගුවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාද රාජසන්තක කිරීමට රජය පියවර ගත යුතු බවටත් තමන්ගේ විනාශ වූ දැල් ආම්පන්න වෙනුවෙන් රජය විසින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

විරෝධතාකරුවන් විසින් බලධාරීන්ගෙන් කඩිනම් විසඳුමක් ඉල්ලා කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදීමෙන් අනතුරුව විරෝධතාවය නවතා දමනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04