AFC Banner
AFC Banner
Empty Ad

උණ රෝගයකින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට

තායිවාන රංගන ශිල්පිනියක් වන බාර්බි හ්සු (Barbie Hsu) උණ රෝගයක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

CNN මාධ්‍ය වාර්තා කර ඇත්තේ 48 හැවිරිදි වියෙහි පසුවන බාර්බි හ්සු වඩාත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ චීන භාෂාව කතා කරන ලොව කැපී පෙනෙන තායිවාන රංගන ශිල්පිනියක් ලෙසයි.

තායිවානයේ නිල මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය බාර්බිගේ අභාවය වාර්තා කර තිබුණේ ඇයගේ සහෝදරිය කළ තහවුරු කිරීමක් උපුටා දක්වමින්.

බාර්බි සිය පවුලේ සාමාජිකයින් සමග ජපානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී මෙම උණ රෝගයට ගොදුරු ව පසුව නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මරණයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බාර්බි හ්සු පසුගිය කාලයේ දී සිටියේ තරමක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක බව ද CNN මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?