උණු කැවුම් වගේ විකිණුනු ක්‍රිකට් මැච් ටිකට්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් සියල්ල මේ වනවිට අලෙවි වී අවසන්ව තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගිය 17 වනදා මෙම ප්‍රවේශපත් අලෙවිය ආරම්භ කළේ මාර්ග ගත ක්‍රමය ඔස්සේයි.

එලෙස ප්‍රවේශපත් අලෙවිය අරඹා පැය 24ක් ගතවන්නටත් පෙර ප්‍රවේශපත් සියල්ලම අලෙවි වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ප්‍රවේශපත් මිල තරමක් ඉහළ අගයක් ගෙන තිබූ අතර, එම ප්‍රවේශපතක අවම මිල ලෙස දැක්වුණේ රුපියල් 1,600ක් ලෙසටයි.

මීට අමතරව රුපියල් 6,400 සහ 11,200 යන මිල ගණන්වලට ද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ප්‍රවේශපත් අලෙවියට එක්කර තිබුණා.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අගෝස්තු මස 31 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

01 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
4
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?