උණු කැවුම් වගේ විකිණුනු ක්‍රිකට් මැච් ටිකට්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් සියල්ල මේ වනවිට අලෙවි වී අවසන්ව තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගිය 17 වනදා මෙම ප්‍රවේශපත් අලෙවිය ආරම්භ කළේ මාර්ග ගත ක්‍රමය ඔස්සේයි.

එලෙස ප්‍රවේශපත් අලෙවිය අරඹා පැය 24ක් ගතවන්නටත් පෙර ප්‍රවේශපත් සියල්ලම අලෙවි වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ප්‍රවේශපත් මිල තරමක් ඉහළ අගයක් ගෙන තිබූ අතර, එම ප්‍රවේශපතක අවම මිල ලෙස දැක්වුණේ රුපියල් 1,600ක් ලෙසටයි.

මීට අමතරව රුපියල් 6,400 සහ 11,200 යන මිල ගණන්වලට ද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ප්‍රවේශපත් අලෙවියට එක්කර තිබුණා.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අගෝස්තු මස 31 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

01 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56