උඩුගම නිවසක් තුළ මනුෂ්‍ය ඝාතනයක්

ගාල්ල, උඩුගම, අක්කර 80 ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (30) දින මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි වියේ පසුවූ තැනැත්තක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඝාතනය සිදුකළ තැනැත්තාගේ නිවසට පැමිණ මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකරු ඒ සඳහා යොදාගත් පිහිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, උඩුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?