උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (ඡායාරූප)

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) උදෑසන පීලිපැනීම හේතුවෙන් සීමා වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යළි යථා තත්ත්වයට පත් කර ඇති බව නානුඔය දුම්රිය ස්ථානය සඳහන් කරනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) උදෑසන 8.30ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර ඇති 118 ¼ සැතපුම් කණුව අසල දී පීලිපැනීමකට ලක් වුණා.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැන තිබූ ස්ථානය දක්වා ධාවනය කර, දුම්රියන් දෙකෙහි ගමන් ගත් මගීන් දුම්රියන් අතර මාරු කිරීමෙන් පසු සිය ගමනාන්නතයන් දක්වා යැවීමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබුණා.

පීලිපැනිමට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ සහ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එක්ව යළි පීලිගත කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29