උඩරට ද්‍රවිඩ ප්‍රජාවට පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතුයි – අගමැති

උඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

එම ජනතාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උඩරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නව ප්‍රජාවගේ ලාංඡනයක් එළිදැක්වීම සඳහා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති උත්සවයේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

දශක ගණනාවකට පෙර වතු කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමට වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සාහ කළ විට වාමාංශික නායකයින් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන වාමාංශීක නායකයින්ව යුරෝපීය වතු හිමියන් විසින් එළවා දැමූ බවත් ඉන් නොසැලුනු ඔවුන් වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අවශ්‍ය අරමුණු කරා ගිය බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

ඔහු කියාසිටියේ යටත් විජිත පාලකයන් විසින් මුල්ඔය විරෝධතාව සහ යුරෝපීය වැවිලිකරු බ්‍රෙස්ග්‍රඩ්ල් පලවා හැරීමේ උත්සාහය අරගලයේ සන්ධිස්ථාන බවයි.

සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඇතුළු ඉන්දීය සම්භවයක් ඇති ප්‍රජා නායකයින් වසර ගණනාවක් පුරා කම්කරුවන් සඳහා අයිතීන් රැසක් දිනා දීමට සමත් වූ බවත් ජීවන් තොණ්ඩමන්, සෙන්තිල් තොණ්ඩමන් වැනි නව පරපුරේ නායකයන් රජය සමඟ සක්‍රීය සහයෝගයෙන් උඩරට ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?