උගන්ඩා ජාතික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 35 ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කර දුන් ප්‍රංශ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ 10 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 24 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
මොහු කොළඹ කැසිනෝ සමාජ ශාලාවක සේවය කරමින් සිට මීට මාස දෙකකට පමණ පෙර උගන්ඩාව වෙත ගොස් ඇත්තේ ද , එරට කැසිනෝ සමාජ ශාලාවක රැකියාව සදහාය .
එහිදී දැන හැදින ගත් මැදි වියේ උගන්ඩා ජාතික කාන්තාවක් , ඔහුට ප්‍රංශය වෙත යෑම සදහා වීසා බලපත්‍රයක් සකස් කර දීමට ඉදිරිපත් වී තිබේ .
ඒ අනුව මාතර ප්‍රදේශයේ මොහුගේ දෙමාපියන් සතු ඉඩමක් , මව සතු ස්වර්ණාභරණ තොගයක් සහ ඔහුගේ යතුරු පැදිය ද විකුණා , මෙම වීසා බලපත්‍රය සකස් කර ගැනීම සදහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක මුදලක් මෙම උගන්ඩා ජාතික කාන්තාව වෙත ලබා දී තිබේ .
ඇය මෙම තරුණයා උගන්ඩාවේ අසල්වැසි රාජ්‍යයක් වන කෙන්යාව වෙත රැගෙන ගොස් මෙම වීසා බලපත්‍රය ලබා දී තිබේ .
මෙම වීසා බලපත්‍රය රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි මෙම තරුණයා , ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත පිටත්ව යාම සදහා (10) දින එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් විසින් ගුවන් යානා නිශ්කාශන කටයුතු සිදු කිරීමේ දී ඇති වූ සැකය මත මෙම තරුණයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලදී මෙම ප්‍රංශ වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව තහවුරු වීමත් සමගම ආගමන විගමන නිල අත් අඩංගුවට ගත් මෙම තරුණයා සහ ඔහු සතු ලියකියවිලි සියල්ල වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .













