උගන්ඩාවේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 40ක් ජීවිතක්ෂයට

බටහිර උගන්ඩාවේ පාසලකට එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී කැරළිකරුවන්ට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයකින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ද්විතියික පාසලකට එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් තවත් 8 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර පාසල් ළමුන් ද වන බව සඳහන්.

ප්‍රහාරයෙන් පසු විරුංගා ජාතික වනෝද්‍යානය දෙසට පළා ගිය ADF නමින් හැඳින්වෙන සන්නද්ධ කණ්ඩායම උගන්ඩාවේ හමුදා සොල්දාදුවන් විසින් ලුහුබඳිමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාරයේ දී පාසලේ නේවාසිකාගාරයක් ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක් ද කොල්ලකා ඇතැයි සඳහන්.

ප්‍රහාරකයින් පළා ගිය විරුංගා ජාතික වනෝද්‍යානය අප්‍රිකාවේ පැරණිතම සහ විශාලතම ජාතික වනෝද්‍යානය වන අතර කඳුකර ගෝරිල්ලන් ඇතුළු දුර්ලභ සත්ව විශේෂවල නිවහන වනවා.

ADF ඇතුළු සන්නද්ධ කණ්ඩායම් උගන්ඩාව සහ රුවන්ඩාව මායිම්ව ඇති එම වනෝද්‍යානයේ විශාල වපසරිය සැඟවී සිටින ස්ථානයක් ලෙස භාවිතා කරන බව සඳහන්.

කොන්ගෝව සමඟ උගන්ඩා දේශසීමාවේ සිට කිලෝමීටර් දෙකකට වඩා අඩු දුරකින් පිහිටි පාසලට එල්ල වූ ප්‍රහාරය වසර ගණනාවකට පසුව උගන්ඩාවේ පාසලකට එල්ල වූ පළමු ප්‍රහාරයයි.

1998 වසරේ ජූනි මාසයේදී, කොන්ගෝ දේශසීමාව අසල කිච්වම්බා කාර්මික ආයතනයට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් සිසුන් 80 දෙනෙකු ඔවුන්ගේ නේවාසිකාගාර තුළ පිළිස්සී මිය ගියා. එහිදී තවත් සිසුන් 100කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබුණා.

ADF කණ්ඩායම 1990 ආසන්න වසරවලදී නැගෙනහිර උගන්ඩාවේ නිර්මාණය කරන ලද අතර මුස්ලිම්වරුන්ට රජය හිංසා කරන බවට චෝදනා කරමින් දිගු කලක් බලයේ සිටි ජනාධිපති යොවේරි මුසවේනිට එරෙහිව කැරළි ගැසීම ආරම්භ කළා.

2001 වසරේ දී උගන්ඩා හමුදාව විසින් එය පරාජය කිරීමෙන් පසුව, එම සංවිධානය කොන්ගෝව ආසන්න උතුරු කිවු පළාත වෙත ගෙන ගියා.

ADF කැරලිකරුවන් පසුගිය දශක දෙකක කාලය තුළ කොන්ගෝව ඇතුළත සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46