AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වෙයි

ඊශ්‍රායලය විසින් දියත් කළ ගුවන් ප්‍රහාරයන් හමුවේ පලස්තීනයේ තට්ටු 13කින් යුතු නිවාස සංකීර්ණයක් මුළුමනින්ම පොළොවට සමතලා වී තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර දැවැන්ත ශබ්දයක් සමඟින් කළු දුමාරයක් පිටවෙන ආකාරයත් ඉන්පසුව ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් කඩා වැටී ඇතැයි වාර්තා වෙයි.

Jewish Press පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර පිපිරුම් බලයක් නොමැති ව්‍යාජ මිසයිල ප්‍රහාර දෙකක් පලස්තීනය වෙත එල්ල කොට අනතුරු ඇඟවීමක් කර ඇති බවත්, ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල කිරීමට පෙර අනතුරු ඇඟවීමේ පණිවිඩ ලබාදී ඇති බවත් සඳහන් වෙයි.

පලස්තීන මාධ්‍ය විසින් සඳහන් කර තිබුණේ ප්‍රහාරයන් කිසිවෙකුටත් හානියක් වුණාදැයි තවමත් හෙළිවී නොමැති බවත්, අවට තිබූ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම පලස්තීන හමාස් සටන්කාමීන් පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායලය වෙත අනතුරු අඟවා තිබුණේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන ලෙසයි.

පසුගිය 06 වැනිදා ජෙරුසලමේ ඊශ්‍රායල පොලීසිය සහ පලස්තීන වැසියන් අතර ඇති වූ ගැටුමකින් පසුව පලස්තීන හමාස් සටන්කාමීන් විසින් පසුගිය 10 වැනිදා ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙරට අතර යුද්ධයක් හටගෙන තිබේ.

එම ගොඩනැගිල්ල කඩා වැටෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස පළ කර තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?