ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වෙයි

ඊශ්‍රායලය විසින් දියත් කළ ගුවන් ප්‍රහාරයන් හමුවේ පලස්තීනයේ තට්ටු 13කින් යුතු නිවාස සංකීර්ණයක් මුළුමනින්ම පොළොවට සමතලා වී තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර දැවැන්ත ශබ්දයක් සමඟින් කළු දුමාරයක් පිටවෙන ආකාරයත් ඉන්පසුව ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් කඩා වැටී ඇතැයි වාර්තා වෙයි.

Jewish Press පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර පිපිරුම් බලයක් නොමැති ව්‍යාජ මිසයිල ප්‍රහාර දෙකක් පලස්තීනය වෙත එල්ල කොට අනතුරු ඇඟවීමක් කර ඇති බවත්, ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල කිරීමට පෙර අනතුරු ඇඟවීමේ පණිවිඩ ලබාදී ඇති බවත් සඳහන් වෙයි.

පලස්තීන මාධ්‍ය විසින් සඳහන් කර තිබුණේ ප්‍රහාරයන් කිසිවෙකුටත් හානියක් වුණාදැයි තවමත් හෙළිවී නොමැති බවත්, අවට තිබූ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම පලස්තීන හමාස් සටන්කාමීන් පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායලය වෙත අනතුරු අඟවා තිබුණේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන ලෙසයි.

පසුගිය 06 වැනිදා ජෙරුසලමේ ඊශ්‍රායල පොලීසිය සහ පලස්තීන වැසියන් අතර ඇති වූ ගැටුමකින් පසුව පලස්තීන හමාස් සටන්කාමීන් විසින් පසුගිය 10 වැනිදා ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙරට අතර යුද්ධයක් හටගෙන තිබේ.

එම ගොඩනැගිල්ල කඩා වැටෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස පළ කර තිබුණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24