ඊශ්‍රායලයෙන් පෙරළිකාර සොයා ගැනීමක් : මිනිසාගේ ජීවිත කාලය උඩුයටිකුරු කරයි

ඊශ්‍රාලයේ සිටින පර්යේෂකයන් පිරිසක් විසින් මීයන් යොදාගෙන කරන ලද පරික්ෂණයක් මඟින් එම මීයන්ගේ ආයු කාලය 23%කින් දිර්ඝ කිරීමට සමත්ව තිබේ. එම විද්‍යාඥයින් පවසා සිටින්නේ මෙමඟින් මිනිසෙකුට වසර 120ක් පමණ ජීවත් වීම සඳහා හැකියාව ලබාගත හැකි බවයි.

පර්යේෂකයන් පිරිස විසින් SIRT6 යන ප්‍රෝටීනය හරහා සිදුකරන ලද පර්යේෂණයක් අනුව මෙලෙස මීයන්ගේ ආයු කාලය වැඩිකළ හැකි බවට අනාවරණය කරගෙන තිබේ. 

පරික්ෂණය සඳහා මීයන් 250ක් පමණ යොදාගෙන තිබුණු අතර එහිදී මෙම ප්‍රෝටීනය මත කළ වෙනස් කිරීම් මඟින් මෙම ප්‍රෝටීනය වෙනස් කිරීම තුළින් මීයන්ගේ ආයු කාලය වැඩි වීමක් පමණක් නොව නිරෝගී බවද ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි. 

එමෙන්ම පරික්ෂණය සඳහා යොදා ගන්නා ලද මීයන් හට සාමාන්‍ය මීයන් සමඟ සසඳා බැලූ විට පිළිකා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු බවත්, ක්‍රියාකාරී බවත් සොයාගෙන තිබේ.

මෙම පර්යේෂණයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ ඊශ්‍රායලයේ බාර්-ඉලාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හයිම් කොහෙන් ටයිම්ස් ඔෆ් ඊස්රායල් පුවත්පතට පවසා තිබුණේ මීයන් තුළ ඔවුන් දුටු වෙනස්කම් මිනිසුන්ට පරිවර්තනය කළ හැකි අතර එසේ වුවහොත් එය සිත් ඇදගන්නා සුළු වනු ඇති බවයි. 

Israel Lab Test 2

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මිනිසාට මෙම ප්‍රෝටීන් ප්‍රමාණය නිවැරැදිව ලබාදිය හැකි නම් ඔවුන්ගේ ආයු අපේක්ෂාව වසර 120ක් දක්වා වැඩි කළ හැකි බවයි.

2019 වසරේ දී කොවිඩ්-19 වෛරය ආරම්භ වීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පෘථිවි වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 72.6ක් ලෙස ගණනය කර තිබුණි.

මේ වන විට මහාචාර්ය හයිම් කොහෙන් ඇතුළු පිරිස විසින් මෙම වැඩි දියුණු කළ ප්‍රෝටීනය මිනිසාට ලබාදිය යුතු ප්‍රමාණය පිළිබඳව පර්යේෂණ කරමින් සිටින බව සඳහන්. ඔවුන් මෙය ඖෂධයක් ලෙස සංවර්ධනය කරමින් සිටින අතර මෙහි ප්‍රතිඵල වසර 2ක් හෝ 3ක් ඇතුළත ලබාගත හැකි බවද ඔවුන් සඳහන් කර තිබේ.

මහාචාර්ය හයීම් කොහෙන් විසින් දිර්ඝ කාලයක් තිස්සේ මෙම සිදුවීම සම්බන්ධව පරික්ෂණ පවත්වන අතර ඔහු විසින් 2015 වසරේ දී කරන ලද පර්යේෂණයකින් මීයන්ගේ ආයු කාලය 15%කින් ඉහළ දැමීමට සමත් වූ නමුත් එය ක්‍රියාත්මක වු‍යේ පිරිමි සතුන් සඳහා පමණි.

එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ මහාචාර්ය රෆායෙල් ද කබෝ ඇතුළු ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ සහයෝගීතාවයෙන් යුත් මෙම නව අධ්‍යයනය මේ වන විට විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ

Israel Lab Test 2 1

am.lk

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47