නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි දී ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරය නෙදර්ලන්ත සහ ඊශ්‍රායල නායකයින් ප්‍රහාර හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, පලස්තීන හිතවාදී මැර පිරිසක් විසින් මෙය සිදුකර ඇති බව්වයි වාර්තා වන්නේ.
ප්‍රහාරයට ලක් වූ ඊශ්‍රායල පාපන්දු ලෝලීන් ඉවත් කිරීම සඳහා ගුවන් යානා දෙකක් ඇම්ස්ටර්ඩෑම් වෙත යවන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.
මැකාබි ටෙල් අවිව් සහ අජැක්ස් ඇම්ස්ටර්ඩෑම් කණ්ඩායම අතර පැවති පාපන්දු තරගය නැරඹීම සඳහා ගිය ඊශ්‍රායල පාපන්දු ලෝලෝන් පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මෙම ප්‍රහාරයට සම්බන්ධ 62 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.