ඊශ්‍රායල – පලස්තීන යුද්ධයෙන් සිසුන් 13000කට වැඩි පිරිසක් මියගිහිං

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දිගු කලක සිට පවතින දේශ සීමා සහ වාර්ගික ජන අර්බුදය හේතුවෙන් උද්ගත වූ යුද තත්ත්වයෙන් බටහිර ගාසා ඉවුරේ සිටි පලස්තීන සිසුන් 13,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව පලස්තීන රජය පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ; පලස්තීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම කරුණු මාධ්‍යයට අනාවරණය කර ඇති බවයි.

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් සිසුන් දසදහස ඉක්මවමින් මියගොස් ඇති සේ ම 20,942ක් බරපතළ තුවාල ලබා ඇති බවත් පලස්තීනය පෙන්වා දෙනවා.

අද (17) දිනය වනවිටත් ඊශ්‍රායලය නො නැවතී පලස්තීනයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් අවම වශයෙන් එහි සිටින සිවිල් වැසියන් දසදෙනෙකු හෝ අවම වශයෙන් මරා දමන්නට ඇතැයි පලස්තීන රජය සැක පළ කරනවා.

එමෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි කමාල් ඇඩ්වාන් රෝහලට පහර දී එහි විදුලි පද්ධතියටම හානි පමුණුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසා ඇත්තේ ඇඩ්වාන් රෝහල ඇත්තේ භයානක අඩියක බවයි.

එබැවින් වහාම මෙම ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉල්ලා සිටිනවා.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය 2023 ඔක්තෝබර් 7 සිට මේ දක්වා පහරදීම් සිදු කෙරෙන අතර ඉන් අවම වශයෙන් පලස්තීනුවන් 45,059 ක් මියගොස් 107,041 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් විසින් මෙහෙයවන ලද ප්‍රහාරවල දී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මියගොස් 200කට වැඩි පිරිසක් අනාථ කඳවුරුවලට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?