ඊශ්‍රායල – පලස්තීන ගැටුම් නිරාකරණයට ඉරානය සහ සෞදිය අතර සාකච්ඡා

දිනෙන් දින ඇවිළෙමින් තිබෙන පලස්තීන – ඊශ්‍රායලයේ ගාසා තීර අර්බුද යටපත් කිරීමට මැදපෙරදිග සහ එක්සත් ජනපද රාජ්‍ය නායකයින් උත්සාහ දරමින් සිටින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අගෝස්තු මාසයේදී පුරසාරම් දොඩමින් පලස්තීන ප්‍රශ්නය යුදෙව් රාජ්‍යය සමඟ සබඳතා ඇති කර ගැනීමට අපේක්ෂා කරන අරාබි රාජ්‍යයන් සඳහා හොඳ අවියක් බවටයි කියා සිටියේ.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම පිළිබඳ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අතර ද සාකච්ඡාවක් පවත්වා ඇති බවත් වාර්තා වනවා.

ඊයේ දිනයේ දී මෙම සංවාදය දූරකථන මාර්ගයෙන් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීනයට එරෙහි ව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ද සඳහන්.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සඳහන් කරන්නේ, ජීවත් ව සිටිය ද සෑම හමාස් සාමාජිකයකු ම මියගිය පුද්ගලයකු වන බවයි.

අල් අක්සා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ නිල යුදමය තත්ත්වයක් ප්‍රකාශ වුණා.

ඊට සමගාමී ව පිහිටුවා ගත් තාවකාලික යුද කැබිනට්ටුව අමතමින් බෙන්ජමින් නෙතෙන්යාහු මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊශ්‍රායලය විසින් පලස්තීනයෙන් රාජ්‍යයක් ඉල්ලා සිටීම නවතා දැමූ කළ, ඊශ්‍රායලය සමග සාමය ඇති කරගැනීමට පලස්තීනුවන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට ද එය මහෝපකාරී වනු ඇති බවයි සෞදිය පවසන්නේ.

නමුත් ඊශ්‍රායලයට එරෙහි හමාස්ගේ ම්ලේච්ඡ සති අන්ත ප්‍රහාරය පලස්තීන ප්‍රශ්නය නැවත ජාත්‍යන්තර අවධානයට යොමු කර ඇති අතර පලස්තීන ප්‍රශ්නය පැත්තකට දැමූ අරාබි ජාතීන් ගැන සඳහන් කරමින් නෙතන්යාහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර රාජ්‍යයන් මෙය අවියක් කරනොගන්නා ලෙසයි.

පසුගිය සතියේ දී හමාස් ත්‍රස්ත සංවිධානයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් ගාසා තීරයේ ඊශ්‍රායලයේ වැසියන් 1200ක් ද, පලස්තීන හමුදාවේ 1500ක් ද ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
5
+1
4
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58