ඊශ්‍රායල – පලස්තීන ගැටුම් නිරාකරණයට ඉරානය සහ සෞදිය අතර සාකච්ඡා

දිනෙන් දින ඇවිළෙමින් තිබෙන පලස්තීන – ඊශ්‍රායලයේ ගාසා තීර අර්බුද යටපත් කිරීමට මැදපෙරදිග සහ එක්සත් ජනපද රාජ්‍ය නායකයින් උත්සාහ දරමින් සිටින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අගෝස්තු මාසයේදී පුරසාරම් දොඩමින් පලස්තීන ප්‍රශ්නය යුදෙව් රාජ්‍යය සමඟ සබඳතා ඇති කර ගැනීමට අපේක්ෂා කරන අරාබි රාජ්‍යයන් සඳහා හොඳ අවියක් බවටයි කියා සිටියේ.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම පිළිබඳ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අතර ද සාකච්ඡාවක් පවත්වා ඇති බවත් වාර්තා වනවා.

ඊයේ දිනයේ දී මෙම සංවාදය දූරකථන මාර්ගයෙන් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීනයට එරෙහි ව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ද සඳහන්.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සඳහන් කරන්නේ, ජීවත් ව සිටිය ද සෑම හමාස් සාමාජිකයකු ම මියගිය පුද්ගලයකු වන බවයි.

අල් අක්සා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ නිල යුදමය තත්ත්වයක් ප්‍රකාශ වුණා.

ඊට සමගාමී ව පිහිටුවා ගත් තාවකාලික යුද කැබිනට්ටුව අමතමින් බෙන්ජමින් නෙතෙන්යාහු මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊශ්‍රායලය විසින් පලස්තීනයෙන් රාජ්‍යයක් ඉල්ලා සිටීම නවතා දැමූ කළ, ඊශ්‍රායලය සමග සාමය ඇති කරගැනීමට පලස්තීනුවන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට ද එය මහෝපකාරී වනු ඇති බවයි සෞදිය පවසන්නේ.

නමුත් ඊශ්‍රායලයට එරෙහි හමාස්ගේ ම්ලේච්ඡ සති අන්ත ප්‍රහාරය පලස්තීන ප්‍රශ්නය නැවත ජාත්‍යන්තර අවධානයට යොමු කර ඇති අතර පලස්තීන ප්‍රශ්නය පැත්තකට දැමූ අරාබි ජාතීන් ගැන සඳහන් කරමින් නෙතන්යාහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර රාජ්‍යයන් මෙය අවියක් කරනොගන්නා ලෙසයි.

පසුගිය සතියේ දී හමාස් ත්‍රස්ත සංවිධානයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් ගාසා තීරයේ ඊශ්‍රායලයේ වැසියන් 1200ක් ද, පලස්තීන හමුදාවේ 1500ක් ද ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
5
+1
4
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?