ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර තීව්‍ර කෙරේ – ගාසා තීරයේ විශාල වශයෙන් ලේ වැගිරී ගිය රාත්‍රිය ඊයේ

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවල මට්ටම සහ පරිමාණය ඊයේ රාත්‍රියේ සිට තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ගාසා තීරයේ තවත් රෝහල් දෙකක් ආසන්නයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රෝහල් දෙකෙහිම වෛද්‍ය සේවකයින් මෙම ප්‍රහාරවලින් තුවාල ලබා පැමිණෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට අරගල කරමින් සිටින බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA පැවසුවේ ප්‍රහාරවලින් තුවාල ලැබූ වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිටින අල්-ෂිෆා වෛද්‍ය සංකීර්ණය ආසන්නයට ද ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල කිහිපයක් වැදී ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය, ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පලස්තීන බලධාරීන් පවසනවා.

පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායල ආක්‍රමණික හමුදා අතර සටන් ආරම්භයේ සිට මේ දක්වා ගාසා තීරයේ විශාල වශයෙන් ලේ වැගිරී ගිය රාත්‍රිය ලෙස ඊයේ (22) රාත්‍රිය සැළකිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර රෝහල ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොලැබුණහොත් ශල්‍යකර්ම නතර කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
9
+1
6
+1
3
+1
72
+1
13
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?