ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර තීව්‍ර කෙරේ – ගාසා තීරයේ විශාල වශයෙන් ලේ වැගිරී ගිය රාත්‍රිය ඊයේ

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවල මට්ටම සහ පරිමාණය ඊයේ රාත්‍රියේ සිට තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ගාසා තීරයේ තවත් රෝහල් දෙකක් ආසන්නයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රෝහල් දෙකෙහිම වෛද්‍ය සේවකයින් මෙම ප්‍රහාරවලින් තුවාල ලබා පැමිණෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට අරගල කරමින් සිටින බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA පැවසුවේ ප්‍රහාරවලින් තුවාල ලැබූ වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිටින අල්-ෂිෆා වෛද්‍ය සංකීර්ණය ආසන්නයට ද ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල කිහිපයක් වැදී ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය, ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පලස්තීන බලධාරීන් පවසනවා.

පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායල ආක්‍රමණික හමුදා අතර සටන් ආරම්භයේ සිට මේ දක්වා ගාසා තීරයේ විශාල වශයෙන් ලේ වැගිරී ගිය රාත්‍රිය ලෙස ඊයේ (22) රාත්‍රිය සැළකිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර රෝහල ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොලැබුණහොත් ශල්‍යකර්ම නතර කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
9
+1
6
+1
3
+1
72
+1
13
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22