ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා දෙන බව කියා දැන්වීම් පළ කළ දෙදෙනකුට වැඩ වරදියි

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පළ කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ව අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමත් ව තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු ව සහ එම ස්ථානයේ සේවය කළ අයෙකුව යි.

විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව පුද්ගලික ඔත්තුකරුවෙකු යොදා ගෙන වැටලීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂා කරන අයදුම්පත් 153 ක් ද, පොලිස් වාර්තා, ජීව දත්ත පත්‍රිකා සහ පොරොන්දු පත්‍රිකා තොගයක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා හිමිවන්නේ දෙරට ඇති කර ගෙන ඇති ගිවිසුමකට අනුව පමණක් වන බැවින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට මිස වෙනත් කිසිදු පාර්ශ්වයකට විදෙස් ගමන් බලපත්‍ර, මුදල් හෝ වෙනත් ලිපි ලේඛන ලබාදීමෙන් වළකින ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?