ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා දෙන බව කියා දැන්වීම් පළ කළ දෙදෙනකුට වැඩ වරදියි

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පළ කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ව අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමත් ව තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු ව සහ එම ස්ථානයේ සේවය කළ අයෙකුව යි.

විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව පුද්ගලික ඔත්තුකරුවෙකු යොදා ගෙන වැටලීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂා කරන අයදුම්පත් 153 ක් ද, පොලිස් වාර්තා, ජීව දත්ත පත්‍රිකා සහ පොරොන්දු පත්‍රිකා තොගයක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා හිමිවන්නේ දෙරට ඇති කර ගෙන ඇති ගිවිසුමකට අනුව පමණක් වන බැවින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට මිස වෙනත් කිසිදු පාර්ශ්වයකට විදෙස් ගමන් බලපත්‍ර, මුදල් හෝ වෙනත් ලිපි ලේඛන ලබාදීමෙන් වළකින ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?