ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලික ව නවතියි – යළි මෙරටට එන්න ඕන අයටත් දැනුම්දීමක්

පවතින යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් පිටත්කර හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් මේ යටතේ සිදු කරමිනුයි කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රටක් විදියට ඊශ්‍රායලයට මේ දිනවල ඇති ව තිබෙන යුදමය තත්ත්වයට සිය කනගාටුව ද පළ කරන බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරටින් පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට විශේෂ වට්ස්අප් අංකයක් ද මේ වනවිට හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඕනෑම අවස්ථාවක සිය ඥාතීන් හෝ හිත මිත්‍රාදීන් සම්බන්ධයෙන් (ඊශ්‍රායලයේ වෙසෙන) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ තොරතුරු විමසීමට හැකි බව ද කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය නම්’ ඒ සඳහාත් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
17
+1
1
+1
8
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?