AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයට මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් – හමුදා සෙබළුන් 4ක් ඇතුළු 51ක් මරුට

ඊශ්‍රායලයේ හමුදා කඳවුරකට මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය හිස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ල කරන ලද අතර එහි සිටි හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ද ඇතුළුව තවත් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.

මෙම ඩ්‍රෝන් ප්‍රහාර ලෙබනනය හරහා එල්ල වී තිබෙනවා.

උතුරු ලෙබනනයේ Aitou හි වෙතට ද ඊශ්‍රායල ප්‍රහාරයක් අද (14) එල්ල වුණා.

ඉන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනන නිලධාරීන් පවසන අතර 18 දෙනෙකු මිය ගිය බව ලෙබනන් රතු කුරුස සංවිධානය නිවේදනය කරනවා.

වසරක් තුළ ක්‍රිස්තියානි ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන උතුරු ප්‍රදේශයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය වනු ඇති.

මෙම ප්‍රහාරය ගැන ඊශ්‍රායලය මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?