ඊයේ සිට කොරෝනා අමාරු කාලය ඉවරයි.. ආර්ථික ජයග්‍රහණවලට සැරසෙන්න

ආගමික නායකයින්, ගමේ මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් ඇතුලු ග්‍රාමීය කමිටු සහභාගී කරමින් අවශ්‍ය යෝජනා ලබා ගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

ග්‍රාමීය මට්ටමින් අයවැය සඳහා යෝජනා ලබා ගැනීමෙන් ගමේ ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථික ක්‍රියාවලියක්ද, ජීවනෝපාය සංවර්ධනයක්ද, සුභසාධන සේවාවක්ද යන්න නිවැරදිව හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එම යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ විට, එතුමා අය වැය ලේඛනයට පෙර අදාළ නිලධාරීන් සමඟ සලකා බලා අදාළ යෝජනා අය වැය සඳහා ඇතුළත් කිරීම තමයි මෙහි අරමුණ. ඉතිහාසයේ පළමු වරට තමයි ගමට ගිහිල්ලා අය වැය යෝජනා ලබාගන්නේ. ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අපි ස්තූතියි පළ කරනවා.

ඔනෑම ගැසට් එකක් නිකුත් කරන්නේ හා එය ඉවත් කරන්නේ ජනතාව ගැන හිතලා. එහෙම තමයි කාලයෙන් කාලයට තීන්දු ගන්නේ. අද ගැසට් එකක් නිකුත් කළා කියලා එය දීර්ඝ කාලයක් තියලා නැහැ. අද වන විට හිඟයකින් තොරව සහල් ජනතාවට ලැබෙනවා. මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනැල්ලා තියාගෙන මිල පාලනය කරන්න ආණ්ඩුව තීන්දු කරල තියෙනවා. සහල් ආනයනය කළ පසු අද පවතින මිලට වඩා අඩු වීමක් සිදු වෙයි. එයින් ගොවියන්ට ගෙවන මිල අඩු කරනවා කියල අපි කියන්නේ නැහැ. ගොවියන්ට අදට වඩා හොඳ මිලක් අනිවාර්යයෙන්ම ලැබෙයි. අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා ගොවියන්ට වී කිලෝවට රුපියල් 30 – 35 යි ලැබුණේ. අද එකට එකක් වැඩි වෙලා තියෙනවා. අපි ගොවියන්ට සාධාරණ මිලකුත්, පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමේදී සාධාරණ මිලක් දෙන්න තීන්දු කරලා තියෙනවා. මෙවර මේ සියලු කරුණු සලකා බලා මුදල් අමාත්‍යතුමා 2022 දී ඉතාමත් හොඳ අය වැය ලේඛනයක් ඉදිරිපත් කරනවා.

මාෆියාව කියන කථාවට මම නම් කැමති නැහැ. සියලු දෙනා ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ සියලු දෙනා බලන්නේ තමන්ගේ ලාභය ලබාගන්න. ගොවියෝ, නිෂ්පාදකයෝ බලන්නේ තමන්ගේ ලාභය වැඩිපුර ලබාගන්න. ආණ්ඩුවක් විදියට අපි එය නියාමනය කරනවා. ඒකට තමයි ආණ්ඩුවක් පත් කරන්නේ. ඒ නිසා ආණ්ඩුව ලෙස එය නියාමනය කිරීමේ කටයුත්ත තමයි අපි මේ වන විට ක්‍රියාත්මක කරන්නේ.

ලෝකයේ කොරෝනා වසංගතය අපි කවුරුත් නොහිතපු දෙයක්. මුළු ලෝකයම විශාල අභියෝග හා අසීරුතා මැද තමයි යන්නේ. ආණ්ඩුවක් ලෙස මෙම අවුරුදු දෙකක කාලය තුළදී ආණ්ඩුවට ලැබෙන සියලු ආදායම් අහිමි වෙලා. ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ මහජනතාවගෙන්. මහජනතාව තලාපෙලා අපට ආදායම් ලබාගන්න බැහැ. ඒ නිසා තමයි බිලියන 3000 වූ ආදායම බිලියන 1200 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ තුළ තමයි රජයේ සේවකයින්ගේ පඩි, විශ්‍රාම වැටුප් අඩුවකින් තොරව ගෙවපු ලෝකයේ පළමු රට. සියයට සීයක් ගෙවලා තියෙනවා. මේවා පිළිබඳව කවුරුත් කථා කරන්නේ නැහැ. ආණ්ඩුව ආදායම් ලබාගන්නේ ජනතාවට වක්‍රව හා සෘජු බදු දාලා. ඒවා බලහත්කාරකමින් නොගැනීම නිසා තමයි ආණ්ඩුවේ ආදායම අඩු වෙලා තියෙන්නේ.

කොරෝනා වසංගතය නිසා ජනතාවත්, ආණ්ඩුවත්, ලෝකයත් අමාරුවෙ වැටිලා තියෙනවා. දැන් අමාරු කාලය ඉවරයි. ඊයේ ඉදලා අමාරුම කාලය, අසීරුම කාලය, අභියෝගාත්මක කාලය ඉවරයි. අද සිට ඉදිරි අවුරුදු හතර තුළ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන සියලු සේවාවන් කරනවා. ආර්ථිකය වැටිලා තියෙන්නේ, රැකියා නැති වෙලා තියෙන්නේ කොරෝනා වසංගතය නිසා බව බොහෝ අය දන්නවා ඒවා ගැන කල්පනා කරන්නේ නැතුව සියලු චෝදනා ආණ්ඩුවට එල්ල කරනවා. කොරෝනා මර්දනය කිරීම ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ජනතාව සියලු දෙනා ඒ සඳහා එකතු විය යුතුයි. එන්නත්කරණය තුළ ලෝකයේ ඉහළම ස්ථානයක අපි ඉන්නවා. නොර්වේ රට තීන්දු කරලා තියෙනවා සම්පුර්ණයෙන් රට විවෘත කරන්න. සිංගප්පූරුව රට විවෘත කරන්නේ ඇයි. ඒවගේ බලවත් රටවල් වලටවත් රට වහගෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. ජනතාව සියලු දෙනා එකතු වෙලා මෙම අභියෝග ජයග්‍රහණය කරන්න, ආර්ථික ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්න අත්වැල් බැඳගන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29