ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් කිඹූලාපිටිය රතිඤ්ඥා අළෙවිසැලකට හානි

කටාන පොලිස් වසමේ කිඹූලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඥා අළෙවිසැලක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මීගමුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රියේම ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ජීවිත හානි නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?